තාත්තා: පුතා යන්න කලින් නුගේගොඩට ගිහින් මේ බඩු ටික අරන් එන්න.
පුතා : මට බැහැ දැන් ඕවයි යන්න. අර අයියට කියන්න මම විතරද ඉන්නෙ.
තාත්තා: වැඩි වෙලාවක් යන්නෙ නෑනේ ඉක්මනට ගිහින් අරන් එන්න.
පුතා : මන් කිව්වනෙ මට බැහැ කියලා ඕන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.
සංවාදය අවසන් උනේ පියාත් පුතාත් නෝක්කඩු වීමෙන්. පියාට අවශ්‍ය උනේ තමාට යාමට නොහැකි නිසා තම මවට යම් දේවල් වගයක් එදින තම මහගෙදරට යන බිරිඳ හා දරුවා අතේ යැවීමටයි.
ඉහත සංවාදයෙන් ටික වෙලාවකට පසු පුතා තම අත්තම්මාගෙ නිවසට නික්ම ගියා. ඊට දින දෙකකට පසු නැවත නිවසට පැමිනි පුතාට දැනගන්න ලැබුනේ පියා අසනීපව රෝහල් ගතකොට ඇති බවයි. පියා බැලීමට රෝහල වෙත ගිය පුතුට කොතරම් අවශ්‍යතාව තිබුනත්, පියා සමග වදනක් වත් කතා කිරීමට නොහැකි උනේ පියා ඒ වනවිත ඉතා අසාද්‍ය තත්වයෙ පසුවූ නිසා. එදින රාත්‍රියේ පියා සදහටම දෙනෙත් පියා ගත් අතර පියාගේ සහ පුතාගේ අවසාන සංවාදය වුනෙ ඉහත දෙබස් ටිකයි.
ඒ අවස්තාවේ කෙසේ හැසිරුනත් පුතාට තමා තදින් ආදරය කරන කිහිප දෙනාගෙන් කෙනෙකු ආදරය කල තැනැත්තෙකු බවට පත් වූයේ ජීවිතය පුරා අමතක නොවන වේදනාත්මක මතකයක් ඉතිරි කරමින්.
ඔහු දැන සිටියානම් එම ඉල්ලීම තම පියාගේ අවසන් ඉල්ලීම කියා නොඅනුමානයෙන්ම ඔහු එය කෙසේ හෝ ඉටුකරාවි.
ඉතින් මගේ පිය මිතුරනි තමා ආදරය කරන්නන් හා ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. ඔවුන්ගේ ඉල්ලීම් හා අවශ්‍යතා පිලිබඳ ඉවසීමෙන් කටයුතු කරන්න. හැකිපමන ඒවා ඉටුකරදෙන්න උත්සහකරන්න.
සමහරවිට ඒ ජීවිතය ඔබට දෙන අවසන් අවස්තාව විය හැකියි.
සහතික ඇත්ත...!!!
ReplyDeleteනිතර මතකයේ තියාගන්න උත්සාහ කරන්නම්..
ජයවේවා..!
කතාව ඇත්ත......ලස්සනයි ලියන විදිය දිගටම ලියන්න..ජය වේවා...
ReplyDeleteකතාව ඇත්ත
ReplyDeleteජීවිතයට වටිනා දිය දෝතක්! ස්තූතියි ඔබට! දිගටම ලියමු.
ReplyDeleteසහතික ඇත්ත කතාව. වටිනා ඔවදනක්.
ReplyDeleteතිස්ස දොඩන්ගොඩ
ReplyDeleteඔව් තිස්ස අයියා මම මේකෙන් ගත්ත ලොකුම පාඩම තමා අනවශ්‍ය ලෙස කේන්ති නොගතයුතු බව.
ජයවේවා..!
අසoක
ReplyDeleteස්තූතියි අසංක
බීටා
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් ස්තූතියි මේ පැත්තෙ ආවට
Shiroshan Randika
ReplyDeleteස්තූතියි රන්දික
ඔව් බන් සමහර දේවල් තේරුම් යනකොට අපි පරක්කු වැඩියි
ReplyDeleteහිතට තදින්ම දැනෙන කතාවක්. සමහර වෙලාවට අම්මා එක්ක අමනාපෙන් ඉඳලා නිදාගන්න ගියාම මට රෑ මැද ඇහැරෙනවා. එවෙලෙ අම්මාට කියන්න හිතෙනවා මම තරහ නෑ කියලා.
ReplyDelete