Friday, March 11, 2011

ඔන්න පටන් ගත්තා

අද මට විෂේශ දවසක්. ඉතින් මට හිතුනා අළුත් වැඩක් පටන් ගන්න. මේ කරන්න හදන වැඩේට මගේ ඇති හැකියාව ගැන නම් මගේ හිතේ තියෙන් සෑහීම ගොඩක් අඩුයි. මේ වැඩේ පටන් ගන්න මෙච්චර කල් පහු උනෙත් කරන්න බැරියයි කියලා හිතෙන දෙයක් කරන්න මගේ තියෙන නොකැමැත්ත. ඒත් මම දන්න කියන ගොඩක් බ්ලොග් කරුවො කියපු දෙයක් තමා පටන් ගන්න ලියන්න බැරි වෙන එකක් නෑ කියලා. ඉතින් මටත් හිතුනා උත්සහයක් දරලා බලන්න.

ඉතින් ඔන්න ඇවිත් බලන්න දශක තුනකට වැඩි ජීව්න ගමනෙ ලබපු අත්දැකීම් තමා ලියන්න හිතන් ඉන්නෙ. විටෙක සුන්දර වූත් විටෙක දුක්බර ඌත් ඒ  කාලය තුල මන් බොහෝ දෑ ඉගෙනගත්ත. එසේ ඉගෙනගත් දෑ ඔබ සමග බෙදා හදා ගැනීම තමා මගෙ බලාපොරොත්තුව.
නිර්මනාත්මක හැකියාව බොහෝ අඩු මවිසින් ලියන සටහන්  සම්හර විට නීරස වෙන්න පුලුවනි ඒත් ඒ සටහන් තුල ගැබ්වෙන පනිවිඩය උකහා ගැනීමට කාරුනික වෙන ලෙස මන් ඉල්ලා සිටිනවා.

ඉතින් කියවන්න බලන්න මම මොකක්ද කියන්න හදන්නෙ කියලා.

21 comments:

  1. ලියහන් බන් ඕන දෙයක් ...

    දැන් බලපන් මං කොච්චර සාර ගර්භ එව්වාද ලියන්නේ :D උබටත් ඒ හැකියාව අභීමවා යන්න ලැබෙනවා :D

    ReplyDelete
  2. සාදරයෙන් පිළිගන්නවා.... දිගටම ලියන්න ලැබේවා!!!

    ReplyDelete
  3. චියර්ස් කිව්ව!!!!
    අද වගේ විශේෂ දවසකම පටන් ගත්ත එකත් හොඳයි :-)

    ඔය වැප් නි සාතන් ආදර්ශයට නොගන්න මෙන් ඉල්ලා සිටිමි :-D

    ReplyDelete
  4. දාන කමෙන්ට්ස්වලින්ම ලස්සනට ලියන්න පුලුවන් බව මම කියලා තියනවා මතකයි. අනෙක අද උපන්දිනේ දවසේ මේ වගේ අලුත් වැඩකට අත ගහපු එකත් හරිම හොඳයි.

    මුලු හිතින්ම සුබ පතනවා නිශ්!!
    සුබ උපන් දිනයකුත් වේවා!!!

    ReplyDelete
  5. දැන් ඉතින් ලියන්නයි තියෙන්නෙ. අපි එන්නම් බලන්න....සුභ ගමන්.....

    ReplyDelete
  6. අනේ වාසනාවන්!!!
    බස් වලින් බ්ලොග් වලට ආපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් වුනානේ නේද? :)

    සුභ පැතුම් නිෂ්......... ලියමු ලියමු. අර කිව්වා වගේ සාරගර්භ බොහොම බුද්ධි ගෝචර එව්වා ලිව්වා නං අපටත් කම්මැලි වෙලාවක ඇවිල්ලා හිනාවෙලා යන්න පුළුවන්.... :)

    ReplyDelete
  7. සාදරයෙන් පිළිගන්නවා....
    අඩේ ඇත්තටම නිශ් අන්කල් කෙනෙක්නේ මම හිතුවෙ විහිලුවට කියනවා කියලා

    ReplyDelete
  8. කියන්න තියෙන්නේ ඇයි මෙච්චර දවසක් බලන් හිටියේ කියලයි.
    සුභ දවසක හොඳ වැඩක්. හැම දේම හොඳින් සිදුවේවි. ලියමු දැන් ඉතින්.
    බ්ලොග් එකටත්, අද දින සමරන උපන් දිනයටත් සුභ පතනවා...!!!

    ReplyDelete
  9. එළ එළ මචෝ. අහ් සුභ උපන්දිනයක් වේවා!

    උඹට අවවාදයක් දෙන්නම්. ඕන කෙනෙක්ව ආදර්ශෙට ගනින් වැපාවයි මරණෙවයි ඇරන්න. :D

    ReplyDelete
  10. බ්ලොගයේ නමම සිත තුල පතුරයි සිසිල
    නුඹගේ ලොවද සොඳුරුයි සිසිලයි නෙවද
    බ්ලොග් පිටු අරා අදහස් දැක්වූ නිතර
    නිශ් මා මිතුර සුබ පැතුමක් වෙමි නිබඳ

    ReplyDelete
  11. දිගු ගමනක් යන්න ලැබේවා... අපිත් එනවා කියවන්න

    ReplyDelete
  12. එලස්.. උඹ ලියහං බං, අපි එන්නං බලලා යන්න..

    ReplyDelete
  13. සුභ පැතුම්
    ඉගෙනගන්න දේවල් නම් කැමති නම් අපි සමග සම්බන්ධ වෙන්න.. ලංකාවේ E ස්කෝලේ.

    http://schoollanka.info/
    schoollanka.info

    ReplyDelete
  14. ආහ්.. එල... ලියමු ලියමු.. අපි එනවා ඉතින් කියවන්න..

    සුබපැතුම්.. :)

    ReplyDelete
  15. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනව කොමෙන්ට් වලට උත්තර දෙන්න බැරි උනාට, රාජකාරි අධික උන නිසා මුලින් නොහැකි උනත් පසුව ඇතිවූ ජංජාල ප්‍රෂ්නයක් නිසා ඊයෙ වෙනකන් මට බ්ලොග්ගර් වලට කොමෙන්ට් දාන්න පුලුවන් උනේ නෑ.

    ඉතින් හැමෝටම ස්තූතියි දිරිමත් කිරීම් වලට

    ReplyDelete
  16. අදයි ‍යකෝ මං දැක්කේ...
    කොහොම උනත් ඕනවටත් වඩා පරක්කු වෙලා හරි ලියන්න පටන් ගත්ත එකනං ලොකු දෙයක්...
    දැන් බැරියා මෙච්චර කලක් අපිව පතුරු ඇරිය එකේ වාඩුව ගන්නවත්...

    ReplyDelete