Wednesday, June 8, 2011

වැරැද්දක් කලොත් දඬුවම් විඳිය යුතුය

අයියා             :   මල්ලී යන්ද ගෙදර එහෙම නම්.
මල්ලී             :   හරි යමු එහෙමනම්.
අයියා             :   මගේ බයික් එකේ යමු අර හෙල්මට්   එක අරගන්න.
මල්ලී              :    හෙල්මට් ඕනි නෑ කැලේ පාරෙන් යමු පොලීසිය නෑනේ ඒ පාරෙ.
අයියා              :    හරි හරි තියෙන එක නේ දාගන්නවකො. නැතුව නම් කමක් නැ තව.
මල්ලී              :     ඕනේ නෑ අප්පා.
අයියා              :     කෝකටත් අතට ගන්නවකො.
සොහොයුරන් දෙදෙනා බයිසිකලයේ නැගී නිවස බලා පිටත් උනි. මගදී පොලිස් රතවාහන අංශයෙ නිළදරුවකු කිසිම දිනක පොලීසිය නොසිටනා කැලෑ පාරේදි ඔවුනට හමුවිය. ඔහු විසින් බයිසිකලය නැවතීමට සන් කරනු ලැබීය. බයිසිකලය ඉදිරියෙන් නැවැත්වූ අයියා.
අයියා                :  ඔය ඉතින් කියන මගුලක් අහන්නෙ නෑ නේ මට නම් බෑ පොලිසි  ගානෙ රස්තියාදු වෙන්න. ගිහින් ඕන දෙයක් කරගන්නවා
මල්ලී                 :     ඉන්නවකො
මල්ලී  පොලිස් නිළධාරියා අසලට යන ලදි.
පොලිස් නිළදාරියා  :   මහත්තයල වැරදි වැඩක් නේද කරන්නෙ.
මල්ලී                  :    පොඩ්ඩක් හදිස්සියකට යන්නෙ මම XXXX එකේ අහවල් තනතුර දරන කෙනා.
යනුවෙන් පවසා ඔහුගේ රාජකාරී හැදුනුම්පත පොලිස් නිළදරුවා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
පොලිස් නිළදාරියා  :   බලන්න සර් මට වඩා ගොඩක් ඉහල නිළධාරියෙක්, සර්ලත් ඔහොම වැරදි වැඩ කරල අපි වගේ පොඩි නිළධාරීන්ට නීතිය කරන්න එපා කියන   කොට කොහොමද අපි සාමන්‍ය මිනිස්සුන්ට නීතිය කරන්නෙ.
කවුරු කලත් වැරැද්ද වැරැද්ද ම නේ. හා හා කමක් නෑ සර්ලා රට වෙනුවෙන් ගොඩක් දේ කරනවනෙ ඒක නිසා යන්න ආයි ඔහොම කරන්න එපා.
 
                                

Thursday, April 28, 2011

කතා කරන්න පෙර සොයා බලනු

ඔන්න මේ කථාව ලංකාවට ජංගම දුරකථන ආපුම කාලෙ වෙච්ච දෙයක්.

සහකාර කළමනා කරු   :   හෙලෝ සෙනරත්ද කතා කරන්නෙ

සෙනරත්                       :   ඔව් මම සෙනරත් තමා

සහකාර කළමනා කරු    :   තමන් ඇයි ණය වාරික ගෙවන්නෙ නැත්තෙ. දාස් ගනන් දීලා ෆෝන් පාවිච්චි        කරනවා වාරික හරියට ගෙවන්න බෑ.

සෙනරත්                        :  මොන ණය වාරිකද මම ණය අරන් නැහැ කොහෙන්වත්.

සහකාර කළමනා කරු   :   සල්ලි නොගෙවනවා මදිවට තව බොරුත් කියනවද අහ්. XXXX කොම්පැනියෙන් ණයක අරන් නැද්ද තමුන්.

(සෙනරත් තමා කතා කරන්නෙ කාටදැයි අඳුනා ගනී.)

සෙනරත්                        :   පෙරේරා මම සෙනරත් කතා කරන්නෙ.

සහකාර කළමනා කරු   :  අහ් මගෙ නමත් දන්නව නේ දැන් ඉස්සෙල්ල කිව්වෙ ණය අරන් නෑ කියලා? බොරුකාරයෝ ගත්ත සල්ලි ගෙවන්නෙත් නෑ තව බොරුත් කියනවා.

සෙනරත්                        :    පෙරෙරා මම සෙනරත්  හෙඩ් ඔෆිස් එකෙන් මොකක්ද මේ විකාරෙ උදේ පාන්දර.

සහකාර කළමනා කරු   :  සොරි සොරි සර් මේ කාඩ් එකේ ලියල තිබ්බෙ නොම්මරේට කතා කලේ.

ඔය කියන කාලේ ඔය ආයතනයේ සියළ්හුම සාමන්‍ය අධිකාරි වරුන්ට ජංගම දුරකථන ලබාදී තිබ්බා. ඉතින් ඔතන හිටපු කෙනෙක් පෙරේරව බයිට් කරන්න සාමාන්‍යධිකාරී වරයගෙ නොම්මරේ ඌය ණය ගත් කෙනාගේ ලෙජරයේ ලියල.

පලි:
බ්ලොගෙ ලියන්න ගත්තට කාලය හරිම අමාරුයි පිරිමහගන්න පුලු පුලු වන් විදිහට ලියනවා අද මේක ලියන්නෙ හිතවතෙක්ට ටර්ගට් එකක් සපුරගන්න:).

Monday, March 21, 2011

අවසාන වතාව විය හැකියි

තාත්තා:    පුතා යන්න කලින් නුගේගොඩට ගිහින් මේ බඩු ටික අරන් එන්න.
පුතා  :    මට බැහැ දැන් ඕවයි යන්න. අර අයියට කියන්න මම විතරද ඉන්නෙ.
තාත්තා:    වැඩි වෙලාවක් යන්නෙ නෑනේ ඉක්මනට ගිහින් අරන් එන්න.
පුතා  :    මන් කිව්වනෙ මට බැහැ කියලා ඕන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.
සංවාදය අවසන් උනේ පියාත් පුතාත් නෝක්කඩු වීමෙන්. පියාට අවශ්‍ය උනේ තමාට යාමට  නොහැකි නිසා තම මවට යම් දේවල් වගයක් එදින තම මහගෙදරට යන බිරිඳ හා දරුවා අතේ යැවීමටයි.
ඉහත සංවාදයෙන් ටික වෙලාවකට පසු පුතා තම අත්තම්මාගෙ නිවසට නික්ම ගියා. ඊට දින දෙකකට පසු නැවත නිවසට පැමිනි පුතාට දැනගන්න ලැබුනේ පියා අසනීපව රෝහල් ගතකොට ඇති බවයි. පියා බැලීමට රෝහල වෙත ගිය පුතුට කොතරම් අවශ්‍යතාව තිබුනත්, පියා සමග වදනක් වත් කතා කිරීමට නොහැකි උනේ පියා ඒ වනවිත ඉතා අසාද්‍ය තත්වයෙ පසුවූ නිසා. එදින රාත්‍රියේ  පියා සදහටම දෙනෙත් පියා ගත් අතර පියාගේ සහ පුතාගේ අවසාන සංවාදය වුනෙ ඉහත දෙබස් ටිකයි.
ඒ අවස්තාවේ කෙසේ හැසිරුනත් පුතාට තමා තදින් ආදරය කරන කිහිප දෙනාගෙන් කෙනෙකු ආදරය කල තැනැත්තෙකු බවට පත් වූයේ ජීවිතය පුරා අමතක නොවන වේදනාත්මක මතකයක් ඉතිරි කරමින්.
ඔහු දැන සිටියානම් එම ඉල්ලීම තම පියාගේ අවසන් ඉල්ලීම කියා නොඅනුමානයෙන්ම ඔහු එය කෙසේ හෝ ඉටුකරාවි.
ඉතින් මගේ පිය මිතුරනි තමා ආදරය කරන්නන් හා ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. ඔවුන්ගේ ඉල්ලීම් හා අවශ්‍යතා පිලිබඳ ඉවසීමෙන් කටයුතු කරන්න. හැකිපමන ඒවා ඉටුකරදෙන්න උත්සහකරන්න.
සමහරවිට ඒ ජීවිතය ඔබට දෙන අවසන් අවස්තාව විය හැකියි.

Friday, March 11, 2011

ඔන්න පටන් ගත්තා

අද මට විෂේශ දවසක්. ඉතින් මට හිතුනා අළුත් වැඩක් පටන් ගන්න. මේ කරන්න හදන වැඩේට මගේ ඇති හැකියාව ගැන නම් මගේ හිතේ තියෙන් සෑහීම ගොඩක් අඩුයි. මේ වැඩේ පටන් ගන්න මෙච්චර කල් පහු උනෙත් කරන්න බැරියයි කියලා හිතෙන දෙයක් කරන්න මගේ තියෙන නොකැමැත්ත. ඒත් මම දන්න කියන ගොඩක් බ්ලොග් කරුවො කියපු දෙයක් තමා පටන් ගන්න ලියන්න බැරි වෙන එකක් නෑ කියලා. ඉතින් මටත් හිතුනා උත්සහයක් දරලා බලන්න.

ඉතින් ඔන්න ඇවිත් බලන්න දශක තුනකට වැඩි ජීව්න ගමනෙ ලබපු අත්දැකීම් තමා ලියන්න හිතන් ඉන්නෙ. විටෙක සුන්දර වූත් විටෙක දුක්බර ඌත් ඒ  කාලය තුල මන් බොහෝ දෑ ඉගෙනගත්ත. එසේ ඉගෙනගත් දෑ ඔබ සමග බෙදා හදා ගැනීම තමා මගෙ බලාපොරොත්තුව.
නිර්මනාත්මක හැකියාව බොහෝ අඩු මවිසින් ලියන සටහන්  සම්හර විට නීරස වෙන්න පුලුවනි ඒත් ඒ සටහන් තුල ගැබ්වෙන පනිවිඩය උකහා ගැනීමට කාරුනික වෙන ලෙස මන් ඉල්ලා සිටිනවා.

ඉතින් කියවන්න බලන්න මම මොකක්ද කියන්න හදන්නෙ කියලා.