Thursday, April 28, 2011

කතා කරන්න පෙර සොයා බලනු

ඔන්න මේ කථාව ලංකාවට ජංගම දුරකථන ආපුම කාලෙ වෙච්ච දෙයක්.

සහකාර කළමනා කරු   :   හෙලෝ සෙනරත්ද කතා කරන්නෙ

සෙනරත්                       :   ඔව් මම සෙනරත් තමා

සහකාර කළමනා කරු    :   තමන් ඇයි ණය වාරික ගෙවන්නෙ නැත්තෙ. දාස් ගනන් දීලා ෆෝන් පාවිච්චි        කරනවා වාරික හරියට ගෙවන්න බෑ.

සෙනරත්                        :  මොන ණය වාරිකද මම ණය අරන් නැහැ කොහෙන්වත්.

සහකාර කළමනා කරු   :   සල්ලි නොගෙවනවා මදිවට තව බොරුත් කියනවද අහ්. XXXX කොම්පැනියෙන් ණයක අරන් නැද්ද තමුන්.

(සෙනරත් තමා කතා කරන්නෙ කාටදැයි අඳුනා ගනී.)

සෙනරත්                        :   පෙරේරා මම සෙනරත් කතා කරන්නෙ.

සහකාර කළමනා කරු   :  අහ් මගෙ නමත් දන්නව නේ දැන් ඉස්සෙල්ල කිව්වෙ ණය අරන් නෑ කියලා? බොරුකාරයෝ ගත්ත සල්ලි ගෙවන්නෙත් නෑ තව බොරුත් කියනවා.

සෙනරත්                        :    පෙරෙරා මම සෙනරත්  හෙඩ් ඔෆිස් එකෙන් මොකක්ද මේ විකාරෙ උදේ පාන්දර.

සහකාර කළමනා කරු   :  සොරි සොරි සර් මේ කාඩ් එකේ ලියල තිබ්බෙ නොම්මරේට කතා කලේ.

ඔය කියන කාලේ ඔය ආයතනයේ සියළ්හුම සාමන්‍ය අධිකාරි වරුන්ට ජංගම දුරකථන ලබාදී තිබ්බා. ඉතින් ඔතන හිටපු කෙනෙක් පෙරේරව බයිට් කරන්න සාමාන්‍යධිකාරී වරයගෙ නොම්මරේ ඌය ණය ගත් කෙනාගේ ලෙජරයේ ලියල.

පලි:
බ්ලොගෙ ලියන්න ගත්තට කාලය හරිම අමාරුයි පිරිමහගන්න පුලු පුලු වන් විදිහට ලියනවා අද මේක ලියන්නෙ හිතවතෙක්ට ටර්ගට් එකක් සපුරගන්න:).

8 comments:

  1. ටාගට් එකට ලිව්වා උනත්..
    එය තියෙන්නේ සුපිරිම ලිපියක් බං...

    උඹ මේවා ලියන්නේ නැතිව වෙන මොනවද ලියන්න හිතං ඉන්නේ..?

    ReplyDelete
  2. එලය. කතා කරන්න ගියාම ටිකක් හොයල බලනවනම් ඔය වගේ දේ වෙන්නේ නෑ නේද?

    ReplyDelete
  3. මොබයිල් ෆෝන් පාවිච්චියට ආපු මුල්ම කාලෙ ඔය වගේ හරි ආතල් වැඩ ගොඩක් සිද්ද උනා. මම දන්න අංකල් කෙනෙක්ගෙ තඩි මෝටරෝල ෆෝන් එකක් දවසක් බීල ‍රැ ගෙදර එද්දි මග වැටිල. පොර පහුවදා ෆෝන් එක හොයාන පාර දිගේ යද්දි පාරෙ එක තැනක මිනිස්සු ගොඩක් ඉන්නවලු ටිකක් පාරෙ අයිනකට වෙන්න . . . බලද්දි පාර මැද්දෙ ෆෝන් එක වැටිල . . . . ඒකෙ පොඩි කොලපාට සිග්නල් බල්බ් එකක් හෙම බ්ලින්ක් වෙවී තියනවනෙ . . . . ගමේ සෙට් එක හිතල තියෙන්නෙ බෝම්බයක් කියල. පොලීසියට පනිවිඩේකුත් යවල. (මේ සිද්දිය උනේ ඒකල කෲස් වත්තෙ රජ මාවතේ දි)

    ReplyDelete
  4. ඕනය කියල තියෙන සීන් එකත් පට්ට අප්පා!!!!

    ReplyDelete
  5. පනින්න පෙර සිතා බලනු..........

    ReplyDelete
  6. ඔන්න මමත් මේ පැත්තෙ ආවා..

    http://jeevithayewassanayen.blogspot.com/

    ReplyDelete