Wednesday, February 1, 2012

අපි ආමන්ත්‍රනය කරන්නෙ කාටදැයි දැනගත යුතුය



මේ කාලය විසිවන සියවසේ අවසානය හෝ විසි එක්වන සියවසේ මුල් කාලයේ, ඌව පළාතේ ගමකදි සිදුවුනේ.


මුදලාලි             :           සර් එන්න, කොහොමද?


නිළදරුවා         :           වරදක් නෑ සිරිල් හොඳින් ඉන්නව.කොහොමද බිස්නස්?


මුදලලි              :           මහත්තයල ගෙවන්න දෙන හින්දා හොඳයි අත්පිට කෙරෙන බිස්නස් නම්                මේ දවස් වල අඩුයි. වැස්ස නැති නිසා හේන් පාලුවෙලා සර්.


නිළදරුවා         :           මමත් දැක්කා මහ ඇලෙත් වතුර නෑ නේ.


මුදලාලි             :           ඔව් සර් මේ දවස් වල මිනිස්සු ෆිනෑන්ස් වාරික ගෙවන්නෙත් අමාරුවෙන්. ගෙවපු වාරික ටිකකුත් ඇති මහත්තය අරන් යනවද?


මේ අතර ගැමියෙකු කලබලයෙන් වෙළඳසල තුලට පමිනෙයි.


ගැමියා             :           මොනවද මුදලාලි මේ වැඩ ඔය ගොල්ලො අපි ගෙවන සල්ලි යටිමඩි ගහනවද?


මුදලාලි             :           මොකක්ද කතාව අපි සාධාරනේට වෙළදම් කරන්නෙ, අනුන්ගෙ දේවල් අපිට වැඩක් නැහැ.


ගැමියා             :           මුදලාලිට මතකනෙ මම සති දෙහෙකට කලින් ෆිනෑන්ස් සල්ලි ගෙවුවා මුදලාලිට මේ තියෙන්නෙ දුන්නු රිසිට් එක.


මුදලාලි             :           ඔවු මමනෙ සල්ලි ගත්තෙ.


ගැමියා             :           ගත්ත තමයි ගත්තට කොම්පැනියට යවලා නෑ නේ!


මුදලාලි             :           කවුද කිව්වෙ ඒවා අපි දවස්වලම යැවුවා නේ.


ගැමියා             :           බොරු කියන්න එපා මුදලාලි. එහෙනම් මොකද මේ මට ගෙව්වෙ නෑ කියලා ෆිනෑන්ස් එකෙන් ලියුන් එවල තියෙන්නෙ.


මුදලාලි             :           කෝ කෝ බලන්න.


ගැමියා කොල කැබැල්ලක් මුදලාලිට දෙයි.


ගැමියා             :           ඔය තියෙන්නෙ කියවල බලන්න සල්ලි ගෙවලා දවස් දෙකකට පස්සෙ දින දාල තියෙන්නෙ.


මුදලාලි             :           හරි ඉන්නකෝ මේ ඉන්නෙ ෆිනෑන්ස් එකේ මහත්තය එයාගෙන්ම අහන්නකෝ.


ගැමියා             :           මේ බලන්න සර් මේ තියෙන්නෙ අපි මෙහාට ගෙවපු සල්ලි වලට දුන්නු රිසිට් එක මේ තියෙන්නෙ ආපු ලියුම හරියටම ගානම ගෙවල නෑ කියල මේ ලියල තියෙන්නෙ.


ගැමියා අතට දුන් කොල කැබැල්ල දෙස බැලූ නිලදරුවාගෙ මුවට සිහින් සිනාවක් නැගුනි.


නිළදරුවා                     :           මේ මහත්තය ගෙවපු සල්ලි වලට දීපු රිසිට් එක නේ.


ගැමියා                         :           සරුත් මෙයාලගෙ වැරදි වහන්න හදන්නෙ මේ තියෙන්නෙ සර්ල එවන රිසිට් රතුයි කලුයි අකුරු  තියෙන පොඩි එවුවා නේ.


නිළදරුවා                     :           නෑ මහත්තය දැන් අළුතෙන් එවන රිසිට් තමා මේ. ආණ්ඩුවෙන් අළුත් බද්දක් ගැහුවනෙ එතකොට අළුත් නීතියක් දැම්මා මේ දේවල් පැහැදිලිව රිසිට් එකේ තියෙන්න ඕන කියලා. ඉතින් ඒකයි මේ ටිකක් ලොකුවට රිසිට් එක ගහල තියෙන්නෙ. ඉස්සරහට මේ වගේ රිසිට් තමා මහත්තයලට හම්බ වෙන්නෙ.


ගැමියා                         :           අපිට තේරෙනවය මහත්තය ඉංගිරිසි ඕක සිංහලෙන් එවුවා නම් ඉවරනෙ පොඩි එකෙක්ට කියලා හරි කියවගන්නවනෙ. අහපු අහපු එකා කිව්වේ ෆිනෑන්ස් ගෙවපු නැති උනාම ඔය වගෙ ලියුමක් ඒනව කියනෙ. බලන්න රස්තියාදුව නිකරුනේ හේනට වතුර ටිකක් දාගන්නත් නැති උනා දැන් වතුරත් නතරකොරයි ඇලේ.


මන් යනව යන්න මුදලාලි.


5 comments:

  1. හික්ස් මේක ඇත්ත කතාවක්ද?
    කතාව ඇත්තනේ ලංකාවේ දේවල් සිංහලෙන් දෙමලෙන් එපැයි එවන්න.
    නැතුව ඔක්කොම කඩ්ඩෙන් දාපුවාම කොහොමද අනිත් උන් කියවන්නේ :P

    ReplyDelete
  2. ඒකනේ පව් අහිංසක ගැමියෝ....!!!

    ReplyDelete
  3. uකතාව බොරු උනත් සිද්දිය ඇත්ත නේ...

    ReplyDelete
  4. මෙහෙම සීන් කෝන් නම් ඔය ගම පළාත් වල අනන්තවත් වෙනවා තමා :D

    ReplyDelete
  5. මිනිස්සුංගෙ නොදැනුවත්කම් වලිං මුදලාලිලයි ෆිනෑන්ස් කාරයොයි ප්‍රයෝජන ගන්නව නේද ??

    ReplyDelete